නිවාස ගිනිබත්වූ මන්ත්‍රීවරුන්ට තාවකාලික පදනම මත වියත්පුර ව්‍යාපෘතියෙන් නිවාස ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
ඒ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග,
“කුඩුකාරයෝ ගංජාකාරයෝ අපේ ගෙවල් විනාශ කරනකොට ඒවා පිටුපස හිටපු දේශපාලන පක්ෂත් මේක ඇතුළේ ඉන්නවා. ඇතැම් මන්ත්‍රීවරුන් අද සභාවට එන්නේ අනුන්ගේ ඇඳුම් ඉල්ලගෙන. ඒ නිසා ඒ අයට තාවකාලික පදනම මත ඒ නිවාස ලබාදෙන්න අපි කටයුතු කරනවා. රාජ්‍ය දේපළ ගිනිතියපු මිනිස්සුන්ට අද ඇප දෙනවා. අපේ මිහිහෙක් ගහගත්තා කියලා තාම ඇතුළේ ඉන්නවා.”