කොළඹ වරාය වෙත ගෙන්වා තිබූ ඇපල් කන්ටේනරයක් දෙහිවල සත්වෝද්‍යානය වෙත භාරදී තිබෙනවා.
මෙම ඇපල් කන්ටේනරය පසුගිය පෙබරවාරි මාසයේ චීනයෙන් මෙරටට ආනයනය කර ඇති අතර එය මේ දක්වා ආනයනකරුවන් විසින් ඉවත් කර ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් මෙසේ එය දෙහිවල සත්වෝද්‍යානය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.
ඇපල් කිලෝග්‍රෑම් 24,000ක් අඩංගු මෙම කන්ටේනරයේ දළ වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්න වන බවත් මේ ආකාරයෙන්ම, වරායේ රඳවා ඇති ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය විනාශවීමට ඉඩ නොතබා කිසියම් ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා යොදා ගැනීමට ද සැලසුම් කර ඇති බවත් වරාය අධිකාරියේ අධ්යක්ෂ ප්‍රභාත් ජයන්ත මහතා පවසනවා.