25 C
Colombo
Sunday, November 17, 2024

හමුදාපති – පොලිස්පති හමුවක්

- Advertisement -

24 වැනි යුද හමුදාපතිවරයා ලෙස පසුගියදා වැඩ භාරගත් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ඊයේ (10) පොලිස් මූලස්ථානය වෙත ගොස් පොලිස්පති C.D වික්‍රමරත්න හමුවී තිබෙනවා.

යුද හමුදාධිපති ධූරයේ රජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව සිදුකරන සම්ප්‍රදායානුකූල කටයුත්තක් ලෙසිනුයි මෙම හමුව පැවැත්වුණේ.

පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති, සමන්ත ද සිල්වා විසින් පොලිස් මූලස්ථානය වෙත පැමිණි ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ පිළිගෙන, පොලිස් සම්ප්‍රදායන්ට අනුකූලව ඔහුට ගෞරව සම්මාන මුරයක් පිරිනමමින් ආචාරය පිරිනමනු ලැබුවා.

ඉන් අනතුරුව, පොලිස්පති කාර්යාලයේදී, පොලිස්පතිවරයා සහ යුද්ධ හමුදාධිපතිවරයා අතර සුහද සාකච්ඡාවක් පැවැති අතර එහිදී සංවිධාන දෙක අතර පවතින අන්‍යොන්‍යය සබඳතා සහ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සමීප සබඳතා පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES