ලබන මස පළමු සතියේ සිට කෝටා ක්‍රමයට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල්වල ජනතාව ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවයි.
මෙරට මූල්‍ය ශක්තිය ස්ථාවර වනතුරු සහ පැය 24 පුරා ඉන්ධන මෙන්ම විදුලිය ලබා දීමේ අරමුණින් මෙලෙස ලබන මස පළමු සතියේ සිට කෝටා ක්‍රමයට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.
විදුලිය සහ භූමිතෙල් සඳහා ඉල්ලුම වැඩි වීමට ගෑස් හිඟය බලපා ඇති බවත් ඉන්ධන ආනයනයට මිට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් පමණ වූ වියදම මේ වනවිට ඩොලර් මිලියන 550 දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්.