25 C
Colombo
Saturday, November 16, 2024

ඉන්දියාවෙන් ගේන්නේ බාල යූරියා..! – අනුර

- Advertisement -

ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් වැයකොට ඉන්දියාවෙන් යල සහ මහ කන්නයට ගෙන්වීමට නියමිත යූරියා මෙටි්‍රක් ටොන් 65,000ක් ප්‍රමිතියෙන් බාල තත්ත්වයේ පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා.

ISO 2018: 2014 ප්‍රමිතියට අනුව අදාළ පොහොරවල 1%ක් විය යුතු බයියුරේට් (Biuret) ඉන්දියානු ප්‍රමිතිය අනුව 1.5%ක් බවත් එය මෙරට වගාවන්වලට නුසුදුසු බවත් ඔහු පවසනවා.

එමෙන්ම, ඇමෙරිකන් ඩොලර් මිලියන 55ක් වැය කොට අදාළ පොහොර තොගය ගෙන්වීමට නියමිත අතර මෙම නොගැළපෙන සංයුතිය පිළිබඳව කාරණයට විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගැනීමට සූදානමක් පවතින බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙනවා.

මෙම පොහොර මෙටි්‍රක් ටොන් 65,000 ගෙන්වන්නේ ඉන්දියානු රේඛීය ණය ක්‍රමයෙන් (Credit Line) වන බවයි ඒ මහතා පවසන්නේ.

මේ සඳහා 1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනතට අනුව කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මෙහි ප්‍රමිති අනුගමනය කළ යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

“මේවා ගොයම්වලටයි බඩඉරිඟුවලට විතරක් දාන්න කියලා කැබිනට් පත්‍රිකාවේ තියෙනවා. ඒ වගේම මෙය පැළ ගොයමට ගැහුවොත් මුල් කුණු වෙනවා කියලා කෘෂි විද්‍යාඥයෙක් මා සමඟ කිව්වා” යැයි හෙතෙම වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES