ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම සදහා පළමුව වෙනත් මූලාශ්‍ර හරහා උත්සාහ කරන බවත්, එය කළ නොහැකි වන්නේ නම්, රුසියාව දෙසට හැරෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ, ඇසෝසියෙටඩ් ප්‍රෙස් සමග පසුගිය සෙනසුරාදා කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීයි.
ශ්‍රී ලංකාව විශාල වශයෙන් ණය ගෙවිය යුතුව ඇති රටක් වුවද, චීනයෙන් තවත් ණය මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද මෙම සම්මුඛ සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.