28.7 C
Colombo
Tuesday, April 15, 2025

මෙරට ෆයිසර් එන්නත් දී මියන්මාරයෙන් සහල් ගැනීමේ සූදානමක්

- Advertisement -

එන්නත්කරණයෙන් පසුව ශ්‍රී ලංකාව තුල ඉතිරිව ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබාගැනීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

එම එන්නත් තොගය බාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් සේවා අධ්‍යක්ෂ සහ ඖෂධ ආධාර පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ. මෙම ෆයිසර් එන්නත් තොගය තව මාස කිහිපයකින් කල් ඉකුත් වීමට නියමිත බවත් ඔහු පවසනවා.

මේ අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විදේශයන්ගෙන් ඩොලර් මිලියන 15ක ආධාර දැනටමත් ලැබී ඇති බවත් සෞඛ්‍ය පොදු ගිණුමටද ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් පසුගිය සතියේ දී ලබා දුන් බවත් අන්වර් හම්දානි මහතා පවසනවා.

ඕමානය කටාර්, ඩුබායි යන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද කොරියාව ඉතාලිය කැනඩාව යන රටවල ශ්‍රී ලාංකික නායක ස්වාමීන් වහන්සේලාද ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීමට උදව් කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන් මුණගැසීම ගැන මාධ්‍ය හමුවක් – ගම්මන්පිළ

මේ වන විට දින 90ක රැඳවුම් නියෝගයක් යටත  ප්‍රශ්න කෙරෙමින් සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග තමා හමුවීම පිළිබඳ පැහැදිලි කිරීමට හෙට (16) විශේෂ මාධ්‍ය...

පුංචි ඡන්දය ගැන ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට බොහෝ දුරට සාමකාමීව සිදුවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...

සංස්කෘතියට පටහැනි අවුරුදු උත්සවවලට වැඩ වරදී

අවුරුදු සිරිත් විරිත්වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වළකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු...

POPULAR ARTICLES

පිල්ලෙයාන් මුණගැසීම ගැන මාධ්‍ය හමුවක් – ගම්මන්පිළ

මේ වන විට දින 90ක රැඳවුම් නියෝගයක් යටත  ප්‍රශ්න කෙරෙමින් සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග තමා හමුවීම පිළිබඳ පැහැදිලි කිරීමට හෙට (16) විශේෂ මාධ්‍ය...

දළදා ප්‍රදර්ශනයට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග මෙන්න

ලබන 18 වැනිදායින් ඇරඹෙන සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3 ක් නම් කර තිබෙනවා. ඒ අනුව, 1.ඞී.එස්. සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී...

පුංචි ඡන්දය ගැන ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට බොහෝ දුරට සාමකාමීව සිදුවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ,...