29.1 C
Colombo
Saturday, April 12, 2025

ශ්‍රී ලංකන් ගුවන් සේවය  ප්‍රතිව්‍යුහගත  ගත කිරීම ළගදීම – ඇමති සිරිපාල

- Advertisement -

ජනතාවට බරක් නොවීම පිණිස ශ්‍රී ලංකන් ගුවන් සේවය   ප්‍රතිව්‍යුහගත  ගත කිරීම මේ වසරේදී   අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය වී ඇති මුදල රුපියල් කෝටි   කෝටි 31500 කි.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේදී  කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට  ඉඩ නොදෙන බවත් ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් (Golden Shakehand )ලැබෙන   පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස  ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බවත්  අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා

ඔහු මෙසේ පැවසුවේ  කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  නිදහස් සේවක සංගමයේ කාර්යාලයේ   පැවති සේවක නියෝජිත හමුවේදීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය,ශ්‍රී ලංකන් කේටරින් සමාගම,ශ්‍රී ලන්කන් විධායක නිලධාරී සංගමය,භූමි  මෙහෙයුම් (Ground handling) නිලධාරීන්ගේ සංගමය,ගුවන් යානා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය ඇතුළු සේවක සංගම්  කීපයක නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගිවූහ .

RECENT ARTICLES - SINHALA

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතන ගැන තීරණයක්

පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන...

පිය පුතු දෙපළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කෙරේ

නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කළ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ නොච්චියාගම, මාරගහ වැව, යාය 17 ප්‍රදේශයේ...

කාලගුණයෙන් දැනුවත් කිරීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව...

POPULAR ARTICLES