පොදු ප්‍රවාහන සේවයේ නොයෙදෙන රථවාහන සඳහා වාහනයේ අංක තහඩුවේ ඇති අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාදීමේ සලාක ක්‍රමයක් මේ වන විට යෝජනා වී ඇතැයි ඛනිජතෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ වාහනවල අංක තහඩුවේ ඇති ඉලක්කම අනුව සතියේ තෝරාගත් දිනයක් හෝ දෙකක් අදාළ වාහනයට ඉන්ධන ලබාගැනීමට ඒ අනුව අවස්ථාව සැලසෙන බවයි.
ඒ අනුව දැනට පවත්නා ඉන්ධන පෝලිම්වලින් තුනෙන් දෙකක ප්‍රමාණයක් ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මීට අදාළ දර්ශන පහතින්,