ජනාධිපතිවරයාට හා වත්මන් පාලනයට විරෝධය පා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන පාගමනක් අද (20) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමෙන් ආරම්භ කරන බව එම ශිෂ්‍ය සංගමය පවසනවා.
ලිප්ටන් වටරවුමේ සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන සිසුන් එහිදී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මීට අමතරව අද පස්වරු 3 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරු සිසු සැමරුම සහ සංස්කෘතික ප්රසංගයක්ද පැවැත්වීමට ඔවුන් සංවිධානය කර තිබෙනවා.
මේ වන විටත් ජනාධිපතිවරයාට විරෝධය පා කොළඹ ලෝටස් පාරේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා කිහිපයක් පැවැත්වෙනවා.