සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සියලුදෙනා මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුව රැස්වීම තුළින් මහජනතාව පත්ව ඇති අර්බුදයන්ට පිළිතුරක් නොලැබීම හේතුවෙන් එලෙස තමා ප්රමුඛ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව වර්ජනය කරන බව ඔහු සඳහන් කළා.
මේ අතර ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර මහතාද පැවසුවේ තම පක්ෂය ඇතුළු සමස්ත විපක්ෂයම ඉදිරි සතිය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇති බවයි.