25.4 C
Colombo
Saturday, November 23, 2024

නව වසරේ පළමු විවාදය සාප්පු හා කාර්යාල සේවක සංශෝධන පනත

- Advertisement -

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සම්පාදනය කර ඇති බවත් මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කරයි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අහඹු ලෙස තෝරා ගත් අයවලුන් සඳහා පී සී ආර් පරීක්ෂණ ගණනාවක් පසුගිය කාලය පුරාම සිදුකළ අතර ඒ අතරින් කිසිදු කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා නොවූ බවත් මහ ලේකම්වරයා තවදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇති පරිදි ජනවාරි(08) වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.
ජනවාරි 05 වැනිදා සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් කෙටුම්පත් 04 ක් විවාදයට ගැනෙන අතර, ජනවාරි 06 වැනිදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් කෙටුම්පත 03 ක් විවාදයට ගැනේ.
මෙයට අමතරව ජනවාරි 07 වැනිදා බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ ගුවන් තොටුපල බදු ඇතුළු නියෝග 10ක් විවාදයට ගැනීමට නියමිත බවද මහ ලේකම්වරයා පැවසිය.
මේ අතර එළඹෙන ජනවාරි 06 වැනි බදාදා පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කර තිබෙන බවද දසනායක මහතා සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

තණමල්විල සිදුවූ රිය අනතුරින් අයෙක් මරුට

තණමල්විල, උඩවලව මාර්ගයේ නයිවල ප්‍රදේශයේදී ඊයේ (22) පස්වරුවේ දී කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක, යතුරු පැදියක් ගැටී සිදු වු අනතුරින් පුද්ගලයෙක් මිය ගොස්...

IMF තුන්වන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා. තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික...

අද කාලගුණය

අද (23) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ...

POPULAR ARTICLES