31 C
Colombo
Tuesday, April 29, 2025

රැට්ටා, වසන්ත, ළහිරු පොලීසියට භාරවෙයි (වීඩියෝ)

- Advertisement -

ජුනි 09 සහ 10 දිනවල කොටුව සහ තලංගම ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍යව ඇති බවට පොලීසිය නිවේදනය කළ පුද්ගලයින් කිහිප දෙනෙක් අද (22) මරදාන පොලීසියට පැමිණ භාරවුණා.

ඒ අනුව රතිදු සේනාරත්න හෙවත් ‘රැට්ටා’, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි යන අය පොලීසියට භාරවී තිබෙනවා.

කෙසේවෙතත් මැයි 09 ප්‍රහාරයට අදාළව වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා නියෝග කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය අත්අඩංගුවට නොගෙන අදට මාසයකුත් දින 07 ක් ගෙවී අවසන්.

එහෙත් ඔහු සුපුරුදු පරිදි පොලිස් මූලස්ථානයේ රාජකාරී කටයුතු සිදුකරමින් සිටීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

මාස 6ට කරපුවා අහද්දි අපි ලොක් වෙනවා – ඇමති වටගල

ජාතික ජන බලවේග ආණ්ඩුව ගතකළ මාස හයක කාලයේදී ඊට පෙර වසර හැත්තෑ හයක කාලසීමාවට වඩා වැඩි වැඩ කොටසක් ඉටුකර ඇති බව නියෝජ්‍ය ඇමති සුනිල්...

ඇමති නලින්ද කියන්නේ බොරු – රනිල්ගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

ජූඩ් සිංගප්පුරුවේ නැහැ-අධිකරණයට දැනුම්දීමක්

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව පසුව ජනාධිපති සමාව ලැබූ ජූඩ් ශ්‍රමන්ත නැමති විත්තිකරු මේ වන විට සිංගප්පූරුවේ නොමැති බව එරට බලධාරීන්...

POPULAR ARTICLES