ශ්‍රී ලංකා තරුණ ජනාමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට ලබන 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විමසීමක් ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මධුසංඛ නම් නිලධාරියාගෙන් විමසන ලෙසට ඔහුට යොමුකර ඇති ලිපියේ සඳහන්.
ඒ අනුව ඔහු අදාළ නිලධාරියා දුරකතන මාර්ගයෙන් අමතා සිදුකරන ලද විමසීමේදී උප පොලිස් පරීක්ෂකවරයා පවසා ඇත්තේ ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පවත්වාගෙන යන Youtube චැනලය සම්බන්ධයෙන් ගුවන් හමුදා බුද්ධි අංශයෙන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුවන බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
තරිඳු උඩුවරගෙදර රාවය, අනිද්දා වැනි පුවත්පත්වල දීර්ඝ කාලයක් සේවය කළ ජනමාධ්‍යවේදියෙක් වන අතර ඔහු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වසර 02ක කාලයක් කටයුතු කර තිබෙනවා.