අද (08) රාත්‍රී 9 සිට නැවත දැනුම්දෙන තුරු බස්නාහිර පළාතේ පහත සඳහන් පොලිස් කොට්ඨාසවල සියලුම පොලිස්බල ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
මීගමුව කොට්ඨාසය
කැලණිය කොට්ඨාසය
නුගේගොඩ කොට්ඨාසය
ගල්කිස්ස කොට්ඨාසය
කොළඹ (උතුර) කොට්ඨාසය
කොළඹ (දකුණ) කොට්ඨාසය
කොළඹ (මධ්‍යම) කොට්ඨාසය
මෙම කොට්ඨාසවල පොලිස්බල ප්‍රදේශයන් හී සිටින සියලුම තැනැත්තන් තමන්ගේ නිවාසවල රැඳීසිටිය යුතු අතර පොලිස් ඇඳිරිනීතිය කඩ කිරීම, මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බාධා කිරීමක් ලෙස සලකා තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලීසිය දන්වා සිරිනවා.
එසේම පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බල ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරනු ලබන අතර ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද දැනුම් දෙනවා.