24.9 C
Colombo
Thursday, November 28, 2024

මගේ බිරිද රට පැන්නෙ සංචාරෙකට – නාමල්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දරුවා අද (08) අලුයම සිංගප්පූරුව හරහා ප්‍රංශය බලා පිටත්ව ගියා.

ලිමිනි සහ ඇගේ දරුවා සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා ප්‍රංශය බලා පිටත්ව යාමට පෙරවරු 12.05 ට රටින් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය පවුලේ අය බැලීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බවද ගුවන් තොටුපළ ආරංචි මාර්ග වාර්තා කළා.

මේ පිළිබඳව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂයන් සදහන් කරන්නේ ඇය විදෙස් ගත වූයේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ඇයගේ රැකියාවට බවයි.

එය කිසිසේත්ම තමන්ගේ දේශපාලනයට අදාළ දෙයක් නොවන බවත් ඇය වෘත්තීය වශයෙන් සංචාරක ව්‍යාපාරයට අදාළ දෑ කරන බැවින් මෙය ඊට අදාළ සංචාරයක් බවත් නාමල් රාජපක්ෂයන් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ණය ශ්‍රේණිය ඉහළ දාන්න මූඩිස් ආයතනයේ අවධානය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේ, ශ්‍රී...

දීඝදන්තු 1 හස්තියා මරුට

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබෙනවා. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා...

ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක් 

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී...

POPULAR ARTICLES