බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද ( 09) පෙරවරු 8 ට ඉවත් කෙරෙන බව පොලිස්පතිවරයා නිවේදනය කරනවා.
කිසිදු සිදුවීමකින් තොරව ඊයේ (08) රාත්‍රි 09 සිට මෙම පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබූවා.
මෙම මන්දබුද්ධික ක්‍රියාව සම්බන්ධයෙන් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද විවිධ පාර්ශව වලින් ගෝඨාභය රාජපක්ෂ රජයට විරෝධය එක්ක වුණා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පොලිස්පතිවරයාට නියෝග කළේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන මෙම නීතිවිරෝධී පොලිස් ඇඳිරිනීති නියෝගය වහා ආපසු කැඳවන ලෙසයි.