පොලිස් විශේෂ කාර්යය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ යන අයගේ වැඩ තහනම් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජූලි 09 වැනි දින රාත්‍රියේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසේ ආරක්ෂාව සපයමින් සිටියදී, එම ස්ථානයේ උද්ගත වූ තත්ත්වය පිළිබඳ පුවත් වාර්තාකරණයේ නිරත වු මාධ්‍යවේදීන් හට පහරදීම සම්බන්ධයෙන් සහ එම පහරදීම වැළැක්වීමට කටයුතු නොකිරීම හේතුවෙන් ආයතන සංග්‍රහයේ ක්‍රියා පටිපාටියට අනුව මෙම තීන්දුව ගෙන ඇති බවයි.
ඒ අනුව පොලිස්පතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ නිලධාරියාගේ රාජකාරි කටයුතු තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.