24.9 C
Colombo
Thursday, November 28, 2024

ඊළඟ ජනපති තෝරගන්නා ආකාරය මෙන්න

- Advertisement -

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තනතුරුවලින් ඉවත් වීමෙන් අනතුරුව ලබන බදාදා වනවිට තාවකාලික ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු පත්කර ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරෙනවා.

ඉන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීමද පාර්ලිමේන්තුව හරහාම සිදුවනු ඇති.

මෙම තනතුරු පත්කර ගැනීම සම්බන්ධයෙන් සහ ඊට අදාල නීතිමය පසුබිය පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (11) මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා විසින් සිය අත්සන සහිත ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකළ විට ජනාධිපති ධුරය පුරප්පාඩු වන බවයි.

ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව බලයේ සිටින අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්විය යුතු බවත්, අගමැතිවරයාට එසේ කළ නොහැකි නම් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්විය යුතු බවත් සාලිය පීරිස් මහතා සඳහන් කරනවා.

වැඩබලන ජනාධිපතිවරයා පත්වීමෙන් මාසයක් ඉක්මයාමට ප්‍රථම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කළ යුතු අතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීමේ පූර්ණ වගකීම පාර්ලිමේන්තුව සතු වේ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර යම් හෙයකින් එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි ප්‍රමාණයක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමට නාමයෝජනා ලබා දුනහොත් මන්ත්‍රීවරුන් 113 කගේ කැමැත්ත ලබා ගන්නා අපේක්ෂකයා ඒ සඳහා සුදුසු වන බවද සාලිය පීරිස් මහතා සඳහන් කරනවා.

යම් හෙයකින් 50% කට වැඩි බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට යම් අපේක්ෂකයෙකු අසමත් වුවහොත් මනාප සළකා බැලීමට සිදුවන බවත්, ඡන්දදායකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් ඡන්දය ලබාදෙන අපේක්ෂකයාට අමතරව තවත් අපේක්ෂකයන් සිව් දෙනෙකුට මනාප ලකුණු කිරීමේ අවස්ථාව හිමිවන බවත් නීතිඥ සංගමයේ සභාපතිවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙලා

රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවීමට...

ණය ශ්‍රේණිය ඉහළ දාන්න මූඩිස් ආයතනයේ අවධානය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේ, ශ්‍රී...

දීඝදන්තු 1 හස්තියා මරුට

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබෙනවා. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා...

POPULAR ARTICLES