ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටිනවා.
වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්රමුඛ තමන් සූදානම් බවයි ඔහු පවසන්නේ.
රට ස්ථාවර කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමටත්, ජනාධිපතිවරයා අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුව පත් කිරීමටත් තමන් සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
මීට එරෙහිව කවුරුන් හෝ පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණ සිදු කරනවා කරනවානම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් රට ගොඩනැගීමේ කටයුත්තට තමන්ට සහයෝගය ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටිනවා.