සිය නිවසට ගිනි තබනු ලැබුවේ හිට්ලර්වාදී ජනතාව විසින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ, අද (11) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
අරගල සිදුවූ පසුගිය 9වැනිදා තමන්ට නිවසෙන් ඉවත්වන ලෙසට පොලිසිය දැනුම්දුන් බවත් තමන් ඉවත්වීමෙන් අනතුරුව මෙම ගිනිතැබීම වී ඇති බවත් ඔහු පවසනවා.
තමාගේ පුස්තකාලයේ ඓතිහාසික වටිනාකමකින් යුතු පොත් රාශියක් සහ චිත්‍ර තිබූ බවත් ඉන් ඉතිරිව ඇත්තේ එක් පොතක් සහ එක් චිත්‍රයක් පමණක් බවත් ඔහු පවසනවා.
මෙම පොත් සහ චිත්‍ර තමන් විසින් රාජකීය විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය ඇතුලු ස්ථාන කිහිපයකට පරිත්‍යාග කිරීමට සූදානමෙන් සිටි බවයි වැඩිදුරටත් ඔහු පවසන්නේ.