25 C
Colombo
Thursday, November 28, 2024

සිරස බොරු කිව්වා..! – රනිල්

- Advertisement -

තමාගේ ප්‍රකාශයන් සිරස මාධ්‍ය ආයතනය විසින් විකෘති කර පල කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත්ව කථානායකවරයාට බලය පවරා පසුව රජයක් පිහිටුවිය යුතු බවට පැවති සර්ව පාක්ෂික සමුළුවේදී විපක්ෂය යෝජනා කර සිටියද තමා ඊට විරුද්ධ වූ බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

ජනාධිපතිවරයා ඉවත් වී සර්ව පාක්ෂික රජයක් බිහි කිරීමෙන් පසුව අග්‍රාමාත්‍ය ධූරයෙන් තමා ඉවත් වන බව තමා විපක්ෂයට දැනුම් දුන් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. ඒ සම්බන්ධයෙන් වාද විවාද සිදු වුවද තමා සිය ස්ථාවරය වෙනස් නොකළ බවත් ඔහු පවසනවා.

“මොකද මේ සතියෙත්, එන සතියෙත් අපිට විශාල වැඩ කොටසක් තියෙනවා අයිඑමෙෆ් එක්ක. ආහාර ලබාගන්න, තෙල් ලබාගන්න. ආණ්ඩු හොය හොය ඒවා කැඩුනොත් ආපහු ඒ අවස්ථාව ලැබෙන්නෙ නෑ. හැම දේම කල් යනවා කියලා. මේ වැඩේ අවසන් වෙන්න ඉස්සෙල්ලා රවුෆ් හකීම්ගෙන් ට්වීට් එකක් ගිහින් තියෙනවා මම මේකට විරුද්ධ උනා කියලා. ඒ වගේම ඒ වෙලේ සුමන්දිරන් කිව්වා මම මේ තනතුරෙන් ඉවත්වෙන්න අකමැතියි කියලා. මම කිව්වා ඉවත් වෙන්න කැමතියි ආණ්ඩුවක් ඇති කරලා තමයි ඉවත් වෙන්න ඕනෑ කියලා” යැයි ඔහු පවසනවා.

කෙසේ නමුත් අදාල ට්විටර් පණිවිඩය උපුටා දක්වමින් සිරස මාධ්‍ය ආයතනය විසින් පුවත් පල කළ බවත්, පසුව ඒ සම්බන්ධ නිවැරදි කිරීමක් කරමින් තමන් නිවේදනයක් නිකුත් කළ නමුත් සිරස ආයතනය විසින් දිගින් දිගටම තමාගේ ප්‍රකාශය විකෘති කරමින්පුවත් පල කළ බවත් තමා එහි ප්‍රධානියාට තුන් වරක් දුරකථන ඇමතුම් ලබාදුන් නමුත් ඊට සවන් නොදුන් බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා.

ඉන් පසුව තමාගේ නිවස අසල පිරිසට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමේදී සිරස මාධ්‍යවේදියෙකු ඇද වැටුණු විට එසේ ඔහු අද වැටුණේ පහරදීමක් නිසාවෙන් බවට සිරස මාධ්‍ය ආයතනය චෝදනා කළ බවත් එහිදී එම ආයතනය ජනතාව කුපිත ගන්වමින් සිය නිවස අසලට පැමිණෙන ලෙසට දැනුම් දුන් බවත් එලෙස පැමිණි පිරිස සිය නිවසට ගිනි තැබූ බවත් රනිල් වික්‍රමසිංහ පවසනවා.

කෙසේ නමුත් පහරදීම් හේතුවෙන් සිරස මාධ්‍යවේදීන් 4 දෙනෙක් රෝහල්ගත කළ බවත් තව මාධ්‍ය අනන්‍යතාවය පෙන්වන විටත් පොලිසිය Citizens මාධ්‍යවේදීන් දෙදෙනෙකුටද පහරදුන් බවත් නොදැන හෝ නොසලකා අග්‍රාමාත්‍යවරයා මෙම චෝදනා සිදුකරන බව පෙනෙන්නට තිබෙනවා.

එමෙන්ම, එම ප්‍රහාරයන්ට අදාලව මේ වන විට පොලිස් විශේෂ කාර්යය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ යන අයගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, මාධ්‍යවේදීන් හට පහරදීම සම්බන්ධයෙන් සහ එම පහරදීම වැළැක්වීමට කටයුතු නොකිරීම හේතුවෙන්.


RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...