ජනාධිපතිවරයා ලබන 13වැනිදා ඉල්ලා අස්වීමෙන් අනතුරුව ලබන 15වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමටත්, ලබන 19වැනිදා නව ජනාධිපතිවරයා සඳහා වන නාමයෝජනා කැඳවීමටත් ඉන් පසුව 20වනදා ඊට අදාල ඡන්දය පැවැත්වීමටත් තීරණය වී තිබෙනවා.
ඒ අද (11) පාර්ලිමේන්තු කමිටු කාමර අංක 05 දී පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.
කෙසේ නමුත් මෙම කාල සටහන ක්‍රියාත්මක වීමට ඉඩ ලැබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනට ප්‍රකාශ කර ඇති ආකාරයට එලැඹෙන 13වනදා සිය ධුරයෙන් ඉවත් වුවහොත් පමණයි.
කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා තවමත් බලයේ රැඳී සිටීමට ගන්නා උත්සහය හෙළා දකින බවත්, ජනාධිපතිවරයාගේ මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ද බලාපොරොත්තු වන බව දැනුම් දුන් බවත් පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් රවුෆ් හකීම් පවසා සිටියා.