අන්තර්වාර ජනාධිපති ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබෙනවා.
අද (11) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කණ්ඩායමේදී එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය පක්ෂ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ස්ථිර කෙරුණා.
සමගි ජනබලවේගය පක්ෂය සතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන් 113කගේ සහය අවශ්‍ය වනවා.