චීනය තුළ කාන්තා අයිතීන් ඉතා අනාරක්ෂිත තත්ත්වයක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
වයස අවුරුදු අටක දරුවකුගේ මවක් වූ කාන්තාවකගේ ගෙල දම්වැලකින් බැඳ එළිමහනේ ගැට ගසා අමානුෂික ලෙස වද හිංසා සිදුකිරීමේ සිදුවීමක් පිළිබද ‘ද නිව්යෝර්ක් පෝස්ට්‘ පුවත්පත පසුගියදා වාර්තා කර තිබිණ.
අදාළ හිංසනය මාධ්‍ය ඔස්සේ හෙළිදරව්වීමෙන් අනතුරුව ප්‍රාදේශීය බලධාරීන් එය හෙළාදකිමින් නිවේදන පහක් නිකුත් කර තිබුණ ද අදාළ කාන්තාවට මේ වනවිට සිදුව ඇත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් කිසිදු ප්‍රවෘත්තියක් වාර්තාවී නැතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.
වසර සියය සම්පූර්ණ කළ චීන කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන දේශපාලන සභිකයන් මිලියන 92 ක් සිටින බවත් ඉන් කාන්තාවන්ගේ නියෝජනය මිලියන 28 ක් බවත් අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.
එය ප්‍රතිශතයක් වශයෙන් සියයට තිහක් වන අතර සමස්ත රටේ ප්‍රධාන දේශපාලන තනතුරු දරන කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 9.33 ක් බවත් ඉන් සියයට 5.29 ක් නගරාශ්රිතවත් සියයට 3.23 ක් ප්‍රාදේශීය දේශපාලන තනතුරුත් දරණ බවත් එම පුවත්සේවය වැඩිදුරටත් අනාවරණය කර තිබිණි.
කෙසේ නමුත් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් චීනය තුළ ප්‍රමාණවත් සුරක්ෂිත භාවයක් නොපවතින බව එම විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.