දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බවට ආචාර්ය විලී ගමගේ මහතා පවසනවා.
ඔහු පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමඟ තමන්ද පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර බවයි.
ඒ අනුව නව ජනාධිපතිවරයා පත්වූ පසුව තමන්ගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ඔහුට යොමුකරන බව විලී ගමගේ මහතා සදහන් කරනවා.