වත්මන් අගමැතිවරයා යම් හෙයකින් වැඩ බලන ජනාධිපති ධුරයට පත්වුවහොත් එය ජනතා අරමුණුවලට පටහැනි තත්ත්වයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
රට භාර ගැනීමට මේ වන විට තරගයක් නිර්මාණය වී ඇති බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
රජයක් ලෙස ගන්නාවූ දේශපාලන ආර්ථික හා සමාජ ක්‍රියාදාමයකට සම්බන්ධයෙන් අරගලකරුවන් සමග සාකච්ඡා කොට තීරණය කිරීම වැදගත් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.
එම කටයුතු ප්‍රමාද වණ හොත් දවසින් දවස රට බරපතළ තත්ත්වයකට ඇද වැටීමට හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කරනවා.