ගාලුමුවදොර අරගලභූමියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයින් සිවු දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් සියලු දෙනා කැපුම් තුවාල සහිතව සිටින බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 15, 17, 18 සහ 20 හැවිරිදි වියේ පසු වන පුද්ලයින් සිවු දෙනෙක්.
ඔවුන් වැල්ලම්පිටිය සහ කොළඹ 15 ප්රදේශවල පදිංචිකරුවන්.