කලහකාරි ලෙස හැසිරෙන්නන් සහ ඔවුන් ප්‍රවාහනය කරන සියලු වාහන අත්අඩංගුවට ගන්නැයි ආරක්ෂක අංශ වෙත නියෝගයක් ලැබී තිබෙනවා.
මේ අතර, බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ද දිවයින පුරා යළිත් හදිසි නීතිය ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියෝගයක් අනුවයි.
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දින ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට සූදානම් වන බව වාර්තා වනවා.
එබැවින් ඊට විරෝධය පල කිරීමට අගනුවරට පැමිනෙන්නන් සහ ඔවුන් පැමිණෙන රථ අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කර තිබෙනවා.