29 C
Colombo
Saturday, April 12, 2025

ඉන්ධන නෞකා කිහිපයක්ම මෙරටට

- Advertisement -

අද දිනයෙන් පසු ඉන්ධන රැගත් නෞකා කිහිපයක්ම මෙරටට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඊට මෙට්‍රික් ටොන් හතලිස් දහස බැගින් වූ ඩීසල් නෞකා දෙකක් සහ මෙට්‍රික් ටොන් හතලිස් දහසක පෙට්‍රල් නෞකාවක් අයත්.

මේ අතර තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛත්වය යටතේ ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය අද සිට යළි ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව, මීට ඉහතදී ක්‍රියාත්මක වී තාවකාලිකව අත්හිටවනු ලැබූ ක්‍රමවේදයට අනුවම මෙම ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඒ අනුව, තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 109 ක් හරහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛතාව යටතේ ඉන්ධන නිකුත් කෙරෙනු ඇති.

මෙහිදී මෝටර් රථ සඳහා ඉන්ධන ලීටර් 20 ක්, ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලීටර් 8ක් සහ යතුරුපැදි සඳහා ඉන්ධන ලීටර් 6ක් ලබාදෙන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දන්වා ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

උත්සව සමයේ එළවලු මිලෙහි වෙනසක්

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ දේශීය වෙළෙඳ පොළේ උඩරට සහ පහතරට එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව...

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 14ක් අත්අඩංගුවට

ගතවූ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ ඡන්ද අපේක්ෂකයින් 14 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, පසුගිය මාර්තු 03 වැනිදා සිට අද උදෑසන 6...

පහසුවෙන් නාන්න ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්

නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් සහ නිදහසේ ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන්...

POPULAR ARTICLES

උත්සව සමයේ එළවලු මිලෙහි වෙනසක්

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ දේශීය වෙළෙඳ පොළේ උඩරට සහ පහතරට එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව...

පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්

නිරිත දිග පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන පැපුවා නිව්ගිනියා හි නිව් බ්‍රිතාන්‍ය කලාපයේ රිච්ටර් මාපක 5.95ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ,...

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 14ක් අත්අඩංගුවට

ගතවූ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ ඡන්ද අපේක්ෂකයින් 14 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, පසුගිය මාර්තු 03 වැනිදා සිට අද උදෑසන 6...