මෙරටට අද (16) දිනයේ පැමිණීමට නියමිත තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
එම ඩීසල් තොගය අද අලුයම කොළඹට පැමිණි බවත්, මේ වනවිට එහි තත්ත්ව සාම්පල පරීක්ෂා කෙරෙන බවත් සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරනවා.
එමෙන්ම දෙවැනි ඩීසල් තොගයද දිනයේ අද පැමිණෙන බවත්, එය ද මෙම ක්‍රියාපටිපාටියට අනුව තත්ත්ව පරීක්ෂාවට ලක් කරන බව ද අමාත්‍යවරයා පවසනවා.
පළමු වෙනි පෙට්‍රල් තොගය ද ජූලි 18-19 යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිතයි.
එමෙන්ම අදාළ නෞකා තුන සඳහා ම අවශ්‍ය කරන ගෙවීම් කටයුතු සිදු කර අවසන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.