මින් ඉදිරියටත් මවුබිම වෙනුවෙන් තමන් කැපවී ක්‍රියාකරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එවන ලද සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඔහු මේ බව සදහන් කර තිබෙනවා.
අදාළ ලිපිය අද (16) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් කියවනු ලැබූවා.
රටේ පැවති ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තමන් සෑම උත්සහයකම් දැරූ බවත් පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථික අර්බුදය තීව්‍ර වූ බවත් අදාල ලිපිය මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
ඊට අදාළ දර්ශන පහතින්,