ජනාධිපති ධුරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට අපේක්ෂකත්වය ලබාදීමට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවට එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ඊයේ(15) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් විසින් කරුණු විමසීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් පක්ෂ සභාපතිවරයා විමසා ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අදාළ තීරණය ගෙන ඇත්තේ කුමන පදනමක් මත ද යන්නයි.
මීට අමතරව එම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරිය යටතේ ද සහ එම තීරණය ගැනීමට සහභාගි වූ බව කියන පුද්ගලයින්ගේ නම් හා ඔවුන් තෝරා ගැනීමේ පදනම කවරේදැයි යනුවෙන් ද පක්ෂ සභාපතිවරයා ප්‍රශ්න කර තිබෙනවා