එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඒ, එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහායි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හොබවනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ විසිනි.
කෙසේ නමුත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීම සිදුවුවහොත් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ඉදිරි සතියේදී මෙම පත්කිරීම සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.