25.2 C
Colombo
Thursday, November 28, 2024

Breaking: කොළඹ පාරවල් වසා මහජනතාවට පහරදෙයි

- Advertisement -

මේ වන විට ගාලු මුවදොරට අතුළුවන මාර්ග කිහිපයක්ම වසා දමා අරගලකරුවන් ඇතුළු එම ස්ථානයට ගමන් ගන්නා සාමාන්‍ය ජනතාවට පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව හා ගුවන් හමුදා භටයින් යොදා පහර දෙමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව කොල්ලුපිටිය දෙසින් ගාලු මුවදොර වටරවුම ආසන්නයෙන් මාර්ගය වසා දමා ඇති අතර ශැන්ග්‍රිලා හෝටලය අසලින් බාලදක්ෂ මාවතද වසා තිබෙනවා.

එමෙන්ම කොළඹ කොටුව දෙසින් චෛත්‍ය පාර අසළින් මාර්ගය වසා දමා ඇති අතර දෙස් විදෙස් කිසිදු මාධ්‍යවේදියෙකුට සිදුවීම වන ස්ථානයට ඇතුළුවීමට ආරක්ෂක අංශ ඉඩ ලබාදෙන්නේ නැහැ.

ඔවුන් පවසන්නේ එම ස්ථානයට ඇතුළුවීමට උත්සහ කළහොත් සෑම පුද්ගලයෙක්ම අත්අඩංගුවට ගැනීමට ඉහළින් නියෝග ලැබී ඇති බවයි.

මේ වන විට හමුදා ට්‍රක් රථ රැසක් ගාලු මුවදොර වෙත පැමිණ තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

සාමකාමී ලෙස ගාලු මුවදොර පවත්වාගෙන ගිය අරගලයට නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වී පැය 24 ක් යන්නට මත්තෙන් මෙලෙස අමානුෂික ලෙස පහරදීම පිළිබදව මේ වන විට ජාත්‍යන්තරයේද අවධානය යොමුව තිබෙනවා.

මෙම සිදුවීම මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල පවා වාර්තා කරමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ සිරුරු හමුවෙයි

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් නොවැම්බර් 26 වන දා සිදුවූ අනතුරින් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලිසිය...

A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබෙනවා. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට...

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයත් කල්දාලා

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES