27 C
Colombo
Wednesday, April 30, 2025

අනීතිකව අත්අඩංගුවට ගත් අය මුදාහරින්න – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය

- Advertisement -

ආරක්ෂක අංශ කොළඹ ‘ගෝඨාගෝගම’ සාමකාමී විරෝධතා ස්ථානයට එල්ල කළ ප්‍රහාරය කිසිසේත් පිළිගත නොහැකි බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරනවා.

පොලිසිය සහ ආරක්ෂක අංශ අද (22) අලුයම් කාලයේ දී ‘ගෝඨාගෝගම’ සාමකාමී විරෝධතාකරුවන්ට පහර දී ඇති බවටත් විරෝධතා කෙරෙන ස්ථානය වටලා විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වන බව එම සංවිධානය පෙන්වා දෙනවා.

මෙය කිසිසේත් පිළිගත නොහැකි බව අවධාරණය කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, බලධාරීන් වහාම පසුබැසිය යුතු බවත් අවධාරණය කරනවා.

එපමණක් නොව විරෝධතා කිරීමට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බව ද එම සංවිධානය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා බලධාරීන් වහාම මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා නවතා දැමිය යුතු බවත් අනීතික ලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනා මුදාහැරිය යුතු බවත් එම සංවිධානය පවසනවා.

එමෙන්ම බලධාරීන් මාධ්‍යයේ නිදහස ආරක්ෂා කළ යුතු බව අවධාරණය කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මාධ්‍යවේදීන්ට ‘ගෝඨාගෝගම’ට යෑමට ඉඩ දිය යුතු බවත් අවධාරණය කරනවා.

ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීමට ඉඩ නොදීම මාධ්‍යයේ නිදහස සෘජුව උල්ලංඝනය කිරීමක් යැයි ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

මිලියන 77 වංචාවේ සැකකරුවන් රිමාන්ඩ්

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77කට අදාළව අසත්‍ය මිනුම් පත්‍ර සකසා රුපියල් මිලියන 77ක වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...

මැතිවරණ නීති උල්ලංඝනය කළ වාහන 32ක් අත්අඩංගුවට

මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට මැතිවරණ අපේක්ෂකයින් 33 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර...

පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක්

ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක්...

POPULAR ARTICLES