25 C
Colombo
Monday, April 28, 2025

බ්‍රිතාන්‍ය අගමැතිකමෙන් සමුගන්නා බොරිස්ට යුක්‍රේනයේ අගමැති ධුරය ?

- Advertisement -

බ්‍රිතාන්‍ය ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් ඉවත් වී එරට අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බොරිස් ජොන්සන් හට යුක්රේනයේ පුරවැසිභාවය ලබා දෙමින්, ඔහුට යුක්රේනයේ අග්‍රාමාත්‍ය ධුරය පිරි නැමීමට යුක්රේන වැසියන් පෙත්සමකට අත්සන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිටත් එම පෙත්සම ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතින බවයි පැවසෙන්නේ.

බොරිස් ජොන්සන් යුක්රේන වැසියන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වූ චරිතයක් වන බවත් යුක්රේන රජයට මූල්‍ය ආධාර ලබා දීමටත්, යුක්රේන හමුදාවට අවි ආයුධ සහ පුහුණුව ලබා දීමටත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ජොන්සන් වන බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට සහාය පළ කරමින් ජොන්සන් අවස්ථා දෙකකදී යුක්රේනයට පැමිණ යුක්රේන වැසියන්ගේ සුවදුක් විමසා බලා ඇති අතර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ බොරිස් ජොන්සන් අතරේ පවතින්නේ ද සමීප මිත්‍රත්වයක්.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වත්මන් පාලක පක්ෂය වන්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි. ජොන්සන්ට පක්ෂ නායකත්වය අහිමි වූයේ ඔහු පක්ෂ නියෝජිතයන්ගේ සහ ‘කොන්සවර්ටිව්’ පක්ෂ මන්ත්‍රීවරුන්ගේත් අප්‍රසාදයට පත් වුණු බැවිනි.

(රොයිටර්)

RECENT ARTICLES - SINHALA

දැඩි රැකවල් මැද පැවති තරඟ විභාගය

සම සෞඛ්‍ය උපාධිධාරීන් රජයේ රැකියා සඳහා බඳවාගැනීමට අදාළ තරග විභාග ඊයේ (27) පෙරවරුවේ මධ්‍යස්ථාන 04කදී පැවැත්වුණා. එම මධ්‍යස්ථාන සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබීම විශේෂත්වයක්. සම...

අනුරගෙන් ඩයස්පෝරාවට ඇරයුම්

යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට දැඩි අපේක්ෂාවක් පවතින බව ත් ඒ අනුව ආණ්ඩුවේ පළමු කාලය තුළ ජාත්‍යන්තර තරගයක් පවත්වන බව ත් ජනාධිපති අනුර කුමාර...

චන්ද්‍රිකාගේ නම අනවසරෙන් පාවිච්චි කරලා

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ එල් රත්නායක...

POPULAR ARTICLES