යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (08) රාත්‍රියේ සිට දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ යාපනය විශ්වවිද්‍යාලය පරිශ්‍රය තුළ පිහිටි මුල්ලි වයික්කාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදා කඩා දැමීමේ සිදුවීමක් හේතුවෙන්.
අදාල ස්මාරකය යුද්ධය නිමා වී දස වසරක් ගතවීම නිමිත්තෙන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් විසින් ඉදිකර තිබුණා.
පොලීසිය සඳහන් කරන්නේ විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව මෙම සිදුවීමට විරෝධය පලකරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා තිබුණා.
ඊට අදාල දර්ශන පහතින්,