28.6 C
Colombo
Wednesday, April 2, 2025

ඇෆ්ගනිස්තානයේ ප්‍රකට පූජකවරයෙකුට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ ප්‍රකට පූජකවරයෙකු වූ ෂෙයික් රහිමුල්ලා හකානි ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ කාබූල් අගනුවරදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්.

විදෙස් වාර්තා පැවසුවේ ඝාතකයා කෲතිම පාදයක් තුළ පුපුරන ද්‍රව්‍ය සගවා ගෙන පැමිණ එය පුපුරවා ගෙන ඇති බවයි.

අයි එස් සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.

අයි එස් සංවිධානය පවසන්නේ හකානිගේ කාර්‍යාලය තුලදී බෝමබ පිපිරීම සිදුව ඇති බවයි.

අයි එස් සංවිධානය මීට පෙර ද ශෙයික් රහිමුල්ලා හකානි ඝාතනය කිරීමට උත්සහ කර තිබුණා.

ශෙයික් රහිමුල්ලා හකානි, ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනයට මෙන්ම අයි එස් සංවිධානයේ කොරසාන් කණ්ඩායමට ද සහය පළ කළ අයෙක්.

එමෙන්ම ඇෆ්ගනිස්තානයේ බලවත් පූජකවරයෙකු ලෙස ප්‍රකට රහිමුල්ලා හකානි කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකු ද ප්‍රකටයි.

RECENT ARTICLES - SINHALA

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...

වැඩි කළ අස්වැසුම පාර්ලිමේන්තුවට

සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු...

මන්ත්‍රීවරු නොවන අයටත් ආයුධ දීලා – නලින්ද

ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට්...

POPULAR ARTICLES

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා

ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...