ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 24 වනදා යළිත් දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.
උදයංග වීරතුංග මහතා යනු රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරෙක්ද වනවා.
මෙහිදී මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී උදයංග වීරතුංග මහතා සදහන් කළේ යළිත් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලනයට ගෙනඒම සඳහා මහජනතාව මෝඩ නොවනු ඇති බවයි.
ඔහු දක්ෂ පරිපලකයෙකු නමුත් දක්ෂ දේශපාලඥයෙකු නොවන බව උදයංග වීරතුංග මහතා පෙන්වා දෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා අසළ සිටි හෙංචයියන් නිසාවෙන් ඔහුට බලයෙන් පහවීමට සිදුවූ බව පෙන්වා දෙන වීරතුංග මහතා පවසන්නේ ඔහු කිසිසේත්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් නොව මුල අමතක වන පුද්ගලයෙක් බවයි.