පාන් ගෙඩියක් රුපියල් 50කින් සහ බනිස් ගෙඩියක් රුපියල් 25කින් අඩු කිරීමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන අද (22) දින පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ රජය මැදිහත් වන්නේ නම් එය සිදු කළ හැක්කක් බවයි.
මේ අතර, භුමිතෙල් මිල ඉහල යාමත් සමඟ ඉදිරියේ දී තවදුරටත් මත්ස්‍ය මිල ගණන් ඉහළ යනු ඇති බව ධීවරයන් පවසනවා.
ඒ හේතුවෙන් මත්ස්‍ය වෙළදාම ද පහළ වැටීමෙන් තමන්ට දැඩී අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භුමිතෙල් ලිටරයක මිල රුපියල් 340 දක්වා ඉහල දමනු ලැබුවේ රුපියල් 253කින්.