ජනාධිපති මන්දිරයට කඩා වැදී පිහිනුම් තටාකයට බැස සබන් ගා දිය නාන ලදැයි කියන පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙසේ සබන් ගා ස්නානය කළ එක් අයකු බදුලු ප්‍රදේශයේ ප්‍රදේශීය සබා මන්ත්‍රීවරයකු බවයි පැවසෙන්නේ.
අනෙක් පුද්ගලයා තලවාකැලේ පදිංචි අයෙක්.
මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව යි පොලිසිය සඳහන් කරන්නේ.
රජගෙදර පිහිනුම් තටාකයට පැන සබන් ගා දිය නාන දර්ශන ජාත්‍යන්තර මාධ්‍යයේ පළ වීම නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මහත් අපකීර්තියට පත් වූ බව, ඉකුත් දිනයක දී ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සඳහන් කළා.