24 C
Colombo
Thursday, December 26, 2024

සුසිල් ප්‍රේමජයන්තගෙන් විමල්ට කණ පිරෙන්න බැණුම් (VIDEO)

- Advertisement -

ඇමරිකානු තානාපතිනිය විසින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තව හෑල්ලුවට ලක් කළ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

ඒ, අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

පසුගිය දිනක ආධාර තොගයක් භාර දීමේ උත්සවයකදී ඇමරිකානු තානාපතිනිය විසින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ දෑතට කවුපි දමන ආකාරය දැකගත හැකි වූ බවත් අමාත්‍යවරයා සිඟන්නෙකු සේ දෑත දිගු කර සිටි බවත් විමල් වීරවංශ එහිදී පවසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේ සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියේ එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USAD) හරහා Save the Children සමග සහයෝගිතාවෙන් සැමන්, පරිප්පු ඇතුළු වියළි ආහාර ලබා දුන්නේ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට බවත් මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් ළමා මන්ද පෝෂණය ඉහළ ගොස් තිබීම ලෝකයේම අවධානයට ලක්ව ඇති බවත් ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“ඒක භාරගන්න තමයි මම ගියේ. ඒක අවඥාවට ලක් කරනවා. මම හිඟාකාලා හරි මේ රටේ ළමයින්ට ආහාරවේලක් දෙන්න පුළුවන් නම් දෙනවා කියන එක මේ රටේ ජනතාවට කියනවා නිකන් පම්පෝරි ගහන්නෙ නැතිව. බැංකුවෙන් ණයක් අරන් හදපු ගෙදර මම ඉන්නෙ. හැබැයි සමහරුන්ට ගෙවල් හැදුවයි කියලා වත්කම් ප්‍රකාශ කළේ වැරදියටයි කියලා නඩු තියෙනවා. මේ ඇමතිකම හෙට නැති උනත් මම යන්නෙ උසාවියට. ඔය කියන අයට යන්න තැනක් නෑ”


RECENT ARTICLES - SINHALA

විගණනයේ පුටු බාගයට බාගයක් හිස්

රජයේ විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්ගෙන් සියයට පනහක් පමණ හිඟ වීම හේතුවෙන් විගණන විමර්ශනවලට බරපතළ බාධා මතුව ඇතැයි එහි ආරංචි මාර්ග පවසන බව ලංකාදීප පුවත්පත...

වසර පහකට පසු සංචාරක ක්ෂේත්‍රයේ නව පිබිදීමක්

2029 වසර වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ මින් පෙර ළඟා කරගැනීමට අසීරු වූ ඉලක්කද සපුරා ගත හැකි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන...

ගිනිගත් කැබ් රියක මළ සිරුරක්

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර  කිලෝමීටර් 38 කණුව අසල ගිනිගත් කැබ්රථයක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය පවසනවා....

POPULAR ARTICLES

විගණනයේ පුටු බාගයට බාගයක් හිස්

රජයේ විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්ගෙන් සියයට පනහක් පමණ හිඟ වීම හේතුවෙන් විගණන විමර්ශනවලට බරපතළ බාධා මතුව ඇතැයි එහි ආරංචි මාර්ග පවසන බව ලංකාදීප පුවත්පත...

වසර පහකට පසු සංචාරක ක්ෂේත්‍රයේ නව පිබිදීමක්

2029 වසර වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ මින් පෙර ළඟා කරගැනීමට අසීරු වූ ඉලක්කද සපුරා ගත හැකි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන...

ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

ජපාන ගුවන් සේවයට ( japan airlines ) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට දේශීය සහ විදේශීය ගුවන් ගමන්වලට බලපෑම් එල්ල...