24 C
Colombo
Sunday, January 19, 2025

දසුන් ශානක සමග සෙල්ෆි ගන්න ගිය තරුණිය බිම ඇදවැටෙයි

- Advertisement -

ආසියානු ශූරතා හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) දිවයිනට පැමිණියා.

ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සංවිධානය කර තිබූ අතර ඔවුන් රථ පෙළපාලියකින් කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ වෙත කැඳවාගෙන එන ලදි.

ආසියාව දිනා මව්බිමට පැමිණි ඔවුන්ට කටුනායක සිට කොළඹට පැමිණෙන තෙක්ම මඟ දෙපස රැස්ව සිටි ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණි අතර ක්‍රිකට්ලෝලීන් විශාල පිරිසක් එහිදී ද රැස්වී කණ්ඩායමට සුබපැතුම් එකතු කර තිබුණි. ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ක්‍රිකට් ආයතනයෙන් පිටව යන අවස්ථාවේදී ද ක්‍රීඩා ලෝලීන්ගෙන් ඔවුන්ට මහත් හරසර හිමිවුණි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමග මෙහිදී ඡායාරූපයක් ගැනීමට උත්සහා කළ තරුණියක් බිම ඇදී වැටී තිබුණි. එහිදී සිය රථය නවතා ගත් දසුන් ඇය ගැන විමසා තිබූ අතර වාසනාවකට අනතුරෙන් ඇයට කිසිදු තුවාලයක් සිදුවී නොතිබුණි.

පසුව දසුන් ඇය සමග ඡායාරූපයකට පෙනී සිටින ලදි.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES