24 C
Colombo
Thursday, December 26, 2024

දැල්පන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම මිලියන දෙකක්

- Advertisement -

ආසියානු ක්‍රිකට් ශූරයින්, දැල්පන්දු ශූරියන් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්වුණා.

එහිදී ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ජතික කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන 2ක බැගින් ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා.

තවද පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභියෙකුට රුපියල් මිලියන 10ක් සහ ලෝකඩ පදක්කම්ලාභියෙක් සඳහා රුපියල් මිලියන 5 බැගින් ද ලබාදීමට කටයුතු කෙරුණා.

ජයග්‍රහණ දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් සඳහා ක්‍රීඩා අරමුදලින් 25% ක් වෙන් කිරීමටද මේ වන විට තීරණය කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක චෙක්පතක් ජනාධිපතිවරයා වෙත මෙහිදී භාරදුන්නා.

RECENT ARTICLES - SINHALA

රථ වාහන තදබදය පාලනයට පොලීසියෙන් 8500ක්

උත්සව සමයත් සමග ඇතිවන රථ වාහන තදබදය පාලනය සඳහා පොලිස් රථවාහන හා නිලධාරීන් 8500කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික...

සුනාමි මතකයට අදට වසර 20ක්

ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යවසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙනවා. අතුරුදන්වූ තවත් සැලකිය යුතු පිරිසක් පිළිබද තොරතුරු වාර්තා නොවූ අතර 516,150 දෙනෙකුට...

වැසි රහිත කාළගුණයක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,...

POPULAR ARTICLES