හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව නමඩගස්වැව ජාතික පාසලේ බත් බැංකුවක් පවත්වාගෙන යෑමට ගුරු මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
එහිදී, ගුරුවරුන් පාසලට පැමිණෙන විට වැඩිපුර කෑම පාර්සලක් රැගෙන විත් එය බත් බැංකුවට ලබාදෙන අතර ආහාර නැති ළමුන් ඉන් ආහාර රැගෙන සිය ආහාර වේල සපුරා ගනු ලබනවා.
මේ අතර, ආහාර නොමැතිවීම හේතුවෙන් කැලණිය අධ්‍යාපන කොට්ඨාසයේ සෑම පාසලකම ළමුන්ගෙන් සියයට 25ක් පමණ දෛනිකව පාසල් නොපැමිණෙන බව එම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සඳහන් කරනවා.
ආහාරවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම හමුවේ ආහාර මිලදීගැනීමට හැකියාවක් නොමැතිවීමෙන් දිවයිනේ ප්‍රදේශ බොහෝමයක ජනතාව ලබාගන්නා ආහාර වේල් ප්‍රමාණය සීමා කර ඇති බව සමීක්ෂණවලින් හෙළිවී තිබෙනවා.
ඒ අනුව දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ආහාර තත්ත්වය පිළිබඳව සොයා බැලීමේදී දක්නට ලැබෙන්නේ සැබවින්ම ශෝචනීය තත්ත්වයකි. පාසල් පැමිණෙන දරුවන් බොහෝමයක් උදෑසන රැස්වීමේදී ක්ලාන්තවී ඇදවැටෙන බව අනුරාධපුරයේ පාසල් කිහිපයකින්ම වාර්තා වෙද්දී අනුරාධපුර ආපනශාලා හිමියන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ පාසල් ළමුන් ආහාර මිලදී නොගැනීම නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් රැසක ආපනශාලා වැසීයමින් පවතින බවයි.