24 C
Colombo
Monday, January 27, 2025

බන්දුල ගුණවර්ධන අනුන්ගේ සම්මානත් අරන්. පුදුම තන්හාවක් – උද්දික ප්‍රේමරත්න

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට දැඩිව දෝෂාරෝපනය කළා.

ඔහු සඳහන් කළේ බන්දුල ගුණවර්ධන වැනි අසාර්ථක පුද්ගලයෙකුට අමාත්‍ය ධූර තුනක්ම ලබාදීම පිළිබදව තමන් පුදුමයට පත්වන බවයි.

ඔහුගේ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පවතින රූපවාහිනී සංස්ථාව දිගින් දිගටම පාඩු ලබමින් ජනමාධ්‍යවේදීන් හට හා කාර්ය මණ්ඩලයට වැටුප් පවා ගෙවාගත නොහැකි තත්ත්වයට මේ වන විට පත්ව ඇති බවත්, ආයතනය ගොඩ ගැනීම සඳහා ඔහුට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවටත් ප්‍රේමරත්න මහතා චෝදනා කළා.

බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කළ චිත්‍රපටයක් සඳහා කුමාර තිරිමාදුරට හා සරත් කොතලාවල යන රංගන ශිල්පීන්ට හොඳම නළුවා සම්මානය ලැබුණද වේදිකාවට නැග එය ගැනීමට ගියේද බන්දුල ගුණවර්ධන මහතා බව ප්‍රේමරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නා.

මෙම සම්මාන උළෙලට අදාළ කලාකරුවන් දෙදෙනාව රැගෙන යාමට හෝ බන්දුල ගුණවර්ධන මහතා කටයුතු නොකළ බවත් එම සම්මානය රැගෙන යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපලේ ඡායාරූප ගන්නා අවස්ථාවේදීද සම්මානය ඔහු අත තබාගෙන ඡායාරූප ගෙන මාධ්‍යවල පලකර ඇති බවත් උද්දික ප්‍රේමරත්න මහතා දැඩිව දෝෂාරෝපනය කළා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

යෝෂිත යළි අධිකරණයට

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 25...

පුංචි ඡන්දය පවත්වන දිනය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව...

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා...

POPULAR ARTICLES