27 C
Colombo
Wednesday, October 30, 2024

විජය රජුගෙන් ආරම්භ වූ රාජකීය පරපුරේ අවසන් පුරුක එළිසබෙත් රැජිනයි..! – රනිල්

- Advertisement -

එළිසබෙත් මහ රැජින කිතුනු ලබ්ධිකයෙකු වුවද 1915 උඩරට ගිවිසුමෙන් පොරොන්දු වූ පරිදි බුදුදහම ආරක්ෂා කිරීමට කැප වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළකිරීම සඳහා ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින්.

තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, ශ්‍රී ලංකාවට ඇතුළු ථෙරවාදී බෞද්ධ රටවල් සමග එක්ව 2500 වැනි සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා ඇය පෙරමුණ ගැනීම බොහෝදෙනා නොදන්නා කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දෙවැනි එළිසබෙත් රැජිනගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව විශාල දේශපාලන පරිවර්තනයකට ලක් වූ බවත් එතෙක් ලංකාව ලෙසින් හැඳින්වූ අපේ රට ශ්‍රී ලංකාව නමින් හැඳින්වීම රැජිනගේ පාලන සමයේදී සිදු වූ අතිශයම වැදගත් වෙනස්කම බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.‍

1956 මැතිවරණ ජයග්‍රහණය, වාර්ගික අර්බුදය උත්සන්න වීම, නිදහස් අධ්‍යාපනය, ආර්ථිකය රාජය පාලනයට නතුවීම, උතුරේ සහ දකුණේ ආයුධ සන්නද්ධ අරගල ඇතිවීම ඇයගේ පාලන සමයේ සුවිශේෂ සන්ධිස්ථාන ලෙස සැලකිය හැකි බවද රනිල් වික්‍රමසිංහ පවසනවා.

තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, ශ්‍රී ලංකාවට ඇතුළු ථෙරවාදී බෞද්ධ රටවල් සමග එක්ව 2500 වැනි සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා ඇය පෙරමුණ ගැනීම බොහෝදෙනා නොදන්නා කරුණක් බවයි.

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සමස්ත ලෝකයේම සිදු වූ පරිවර්තනය මහ රැජින නියෝජනය කරන අතර ලෝක දේශපාලන බලය බටහිරින් ආසියාවට සහ අප්‍රිකාවට විතැන් වීම, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසුරුවා හැරීම, බ්‍රිතාන්‍යය යුරෝපයට එක්වීම වැනි සන්ධිස්ථාන පිළිබඳව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. මහ රැජින ස්ථාවරත්වයේ සහ අනුවර්තනයවීමේ සංකේතයක් ලෙස හැඳින්විම වඩාත් නිවැරදි බවයි වික්‍රමසිංහ පවසන්නේ.

විජය රජුගෙන් ආරම්භ වූ මෙරට රාජකීය පෙළපතේ අවසන් පුරුක වූ දෙවැනි එළිසබෙත් රැජිනට ශෝකය පළකිරීම සඳහා එක්වන්නැයි ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අස්ථාන ගතවු පොත් දොළහ ගැන අධිකරණය දුන් නියෝගය

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව සේවකයන් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ...

EPF සම්බන්ධ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කෙරේ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9 % දක්වා අඩු...

රාත්‍රී තැපැල් දුම්රිය ගැන දැනුම් දිමක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මක වුවද අද (30) රාත්‍රී ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසනවා. ඒ අනුව...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

වාහන ආනයනය ගැන රජයෙන් තීරණයක්

වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට...

මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මහව සහ ඕමන්තේ දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට පළවන වාර්තා සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ ඇතැම් වෘත්තිය සමිති...