26 C
Colombo
Sunday, January 19, 2025

මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවේදී ගෝනි නූල් එක්ක බත් දීලා..!

- Advertisement -

පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා පැමිණෙන මාධ්‍යවේදීන්ට ලබාදෙන ආහාර සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව ඇති බව වාර්තා වනවා.

ඊයේ දිනයේදී එක් මාධ්‍යවේදියෙකුට ලබාදුන් බත්පතෙහි තිබී ගෝනි නූලක් හමු වී තිබෙනවා. මෙය අඩියක පමණ දිගකින් යුක්ත බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමත් සමග මාධ්‍යවේදීන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර භෝජන අංශයේ ප්‍රධානීන් වෙත පැමිණිලි කර තිබෙනවා.

පෙරේදා දිනයේදී ලබාදුන් ඇතැම් ආහාර පිළුණු වී තිබූ බවද මාධ්‍යවේදීන් පවසනවා.

එමෙන්ම, ඊට පෙර දිනයේදීත් පාර්ලිමේන්තුවෙන් ලබාදුන් ආහාර විෂවීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් දැඩිලෙස ගිලන් වූ අතර පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ මූලික ප්‍රතිකාරවලින් පසුව ඔවුන් දෙදෙනා නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

අදාල සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ නියමයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිවසේ ජල පොකුණට වැටී බිළිදෙකු මරුට

නිවසේ ජල පොකුණට වැටී මාස 19ක් වයසැති දරුවෙකු මියගොස් ඇති බව වාද්දූව පොලීසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්. මව සහ පියා...

රාවය සලකුණ මැකීයයි

ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වි තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසු වුණා. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ වික්ටර් අයිවන්...

නැගෙනහිර පළාතේ සියලුම පාසල්වලට දැනුම්දීමක්

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය...

POPULAR ARTICLES

නිවසේ ජල පොකුණට වැටී බිළිදෙකු මරුට

නිවසේ ජල පොකුණට වැටී මාස 19ක් වයසැති දරුවෙකු මියගොස් ඇති බව වාද්දූව පොලීසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්. මව සහ පියා...

රාවය සලකුණ මැකීයයි

ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වි තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසු වුණා. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වූ වික්ටර් අයිවන්...

සටන්විරාමය ආරම්භයි

මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබෙනවා. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට...