29 C
Colombo
Wednesday, January 8, 2025

උසාවියෙදි ඔක්කොම එළියට දානවා..! ; සභාපති – ඇමති ගැටුම උණුසුම්

- Advertisement -

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තමාට එරෙහිව අධිකරණය හමුවට යනතෙක් තමා බලා සිටින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

තමාට එරෙහිව නඩු දැමුවහොත් අධිකරණය හමුවේ බොහෝ තොරතුරු අනාවරණය වනු ඇති බවයි ඔහු පවසන්නේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආනයනය කර ඇති බොරතෙල් ප්‍රමිතියෙන් තොර බවත්, පිරිපහදුවෙන් ලබා ගන්නා දැවිතෙල් විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කළ නොහැකි බවත් ජනක රත්නායක මහතා රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. බොරතෙල් ගෙන්වූ අයටම බොන්න දෙනවා හැර එම දැවිතෙල් වෙනත් කාර්යයක් සඳහා භාවිතා කළ නොහැකි බවත් ජනක රත්නායක මීට පෙර සඳහන් කර සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි. ඔහු පවසන්නේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි. ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනක රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, අමාත්‍යවරයා කළයුත්තේ එල්ල කරන චෝදනා පිළිබඳව සොයා බලා වැරැද්දක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීම මිස වැරදි පෙන්වා දෙන පුද්ගලයන් හඹා යාම නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහ බැංකු අධිපතිවරයා මේ අදහස්...

බස් – පොලිස් සාකච්ඡා සාර්ථකයි

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා අතර අද (08) පැවැති සාකච්ඡාව...

අදටත් හමු නොවූ ලසන්ත ඝාතකයෝ

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා  ඝාතනය කර අදට වසර 16ක් ගත වී තිබෙනවා. සිය සේවා ස්ථානය වූ, සන්ඩේ ලීඩර්...

POPULAR ARTICLES

ලොස් ඇන්ජලීස් හි හදිසි තත්ත්වයක්

බටහිර අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ආසන්නයෙන් පැතිර යන ළැව් ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පැය කිහිපයකින්...